මීගොඩ – නඳුන් උයනේ තැබූ වෙඩිල්ල ගැන සැකයක්

මීගොඩ, මුතුහේනවත්ත නඳුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට ඊයේ (13) රාත්‍රී 10.00ට පමණ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මිලි මීටර් නවය වර්ගයේ උණ්ඩ යෙදූ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් අහසට වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩික්කරුවන් විසින් එක් වෙඩි ප්‍රහාරයක් පමණක් එල්ල කර ඇති අතර, එම උණ්ඩය සහ කොපුව නිවස ඉදිරිපිට වැටී තිබියදී සොයාගෙන තිබෙනවා.

එම නිවැසියන් පවසන ආකාරයට ඊයේ (13) දහවල් කාලයේ ද නානදුනන යතුරුපැදියක් පැමිණ නිවස ඉදිරිපිටින් හරවා යළි ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාල නිවසේ කාන්තාවක් ඩුබායි රාජ්‍යයේ කාර්ගෝ සේවාවක් පවත්වාගෙන යන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් බිය කිරීම සඳහා මෙලෙස ආසට වෙඩි තබා පළා ගියාද යන්න පිළිබඳව සැකයක් ඇති බවත්, නැතහොත් වෙනත් අරමුණක් හෝ සම්බන්ධතාවයක් මත මෙම වෙඩි තැබීම සිදුකළා ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18