මීගමු බන්ධනාගාර ගැටුමේ මියගිය පිරිසගේ මරණ පරීක්ෂණ නියෝගය ලබන 23 වැනිදා

ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරේ ඇති වූ මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ 32 සම්බන්ධයෙන් මරණ පරික්ෂණ නියෝගය ලබන 23 වැනිදා නිකුත් කරන බව මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා අද (15) නිවේදනය කළා.

සිද්ධිය අවස්ථාවේ දී මියගිය සියලුම පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ අවසන් බවත් සියලුම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

එහිදි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ අද දින ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නිවාඩු ලබා ඇති බැවින් මරන පරික්ෂණ සම්බන්ධයෙන් නියෝගය ලබන 23 නිකුත් කරන බවයි.

මේ වන විට සැකකරුවන් 106 දෙනෙකු නම් කර ඇති බවත් ඉන් 81ක් පිරිමි පුද්ගලයන් සහ 25ක් කාන්තාවන් බවද නිලධාරීන් සඳහන් කළ අතර සැකකරුවන් 106 ක් හඳුනා ගැනීමේ පෙරට්ටුවට සඳහා ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළා.

එමෙන්ම මේ දක්වා සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු රස පරික්ෂණ වාර්තාවක් තවමත් ලැබී නොමැති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. ගිනි අවි සම්බන්ධයෙන් ,ලේ සාම්පල හා DNA වාර්තා කිසිවක් ලැබී නොමැති බවද දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කලේ සැකකරුවන් 106 දෙනාම ඔක්තෝබර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, පෙරට්ටුවට ඉදිරිපත් නොකරන අනෙක් සැකකරුවන් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසයි.

සිරකරු අයිතිවාසිකම් සංගමයේ සභාපති ⁣නීතිඥ සේනක⁣ පෙරේරා නඩුව කැඳවු අවස්ථාවේ දී මියගිය රැඳවියන් වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවා.

ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරේ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් 10 දෙනෙකු සහ රැඳවියන් 22 කු ජීවිතක්ෂයට පත් වූ අතර සීයකට අධික පිරිසක් තුවාල ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන අතර පොදු දේපල පනත යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ සහ මීනි මැරිම යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

නඩුව යලි ඔක්තෝබර් 23 වැනිදා කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59