2026 වසරේ ලොව ප්රධාන ආර්ථිකයන් අතර වේගවත්ම ආර්ථික වර්ධනයක් අත්කර ගනු ඇත්තේ ඉන්දියාව බව ජාත්යන්තර මූල්ය අරමුදල පුරෝකථනය කරනවා.
ඔක්තෝබර් 13 වැනිදා නිකුත් කළ එම අරමුදලේ නවතම ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව, 2026 සහ 2027 මූල්ය වර්ෂ දෙකේදීම ඉන්දියාවේ ආර්ථිකය සියයට 7කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
එය පසුගිය ජූලි මාසයේදී පුරෝකථනය කළ සියයට 6.4ක වර්ධන වේගයට වඩා ප්රතිශතාංක 0.6ක ඉහළ යාමක්. 2027 වසර සඳහා වූ පුරෝකථනය ද ප්රතිශතාංක 0.3කින් ඉහළ නංවා තිබෙනවා.
දින දර්ශන වර්ෂ පදනම අනුව සැලකූ විට, 2026 වසරේ ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 7.4ක් සහ 2027 වසරේදී සියයට 7ක් වනු ඇතැයි ජාත්යන්තර මූල්ය අරමුදල සඳහන් කරනවා.
මෙම පුරෝකථනය සිදුකර ඇත්තේ ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වන පසුබිමකයි.
2025 වසරේ සියයට 3.5ක් වූ ලෝක ආර්ථික වර්ධනය 2026 වසරේදී සියයට 3.1ක් දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ලොව විශාලතම ආර්ථිකයන් දෙක වන අමෙරිකාව සහ චීනය ද ඉන්දියාවට වඩා අඩු වර්ධන වේගයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.










