රුපියල් පන් කෝටි දස ලක්ෂයක් වටිනා “හෂීෂ්” මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනකු, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටියදී , අද (15) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන්, 22 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙකු සහ 33 හැවිරිදි වියේ පසුවන තායිලන්ත ජාතික රියැදුරුවරුන් තිදෙනෙක් බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් අද (15) අලුයම 12.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 03ක් තුළ, රූපලාවන්ය ආලේපන අඩංගු බදුන් තුළ සූක්ෂම ලෙස අසුරා, මෙම “හෂීෂ්” මත්ද්රව්ය කිලෝ ග්රෑම් 05 ග්රෑම් 96ක ප්රමාණය සගවා ගෙන පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් තිදෙනා සහ ඔවුන් විසින් රැගෙන ආ ” හෂීෂ්” මත්ද්රව්ය තොගය අද (15) දින මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .
