Empty Ad
AFC Banner
AFC Banner

මිලියන 07කට වැඩි ඊ-සිගරට් තොගයක් සමඟ අයෙක් රේගු දැලේ

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් සහ විදෙස් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) පස්වරුවේ තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

මොහු ඊයේ (06) පස්වරුවේ ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 549 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මොහු සමඟ මොහුගේ බිරිඳ සහ ළමුන් දෙදෙනා ද පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලූ 08ක් තුළ විවිධ ස්ථානවල කුඩා පාර්සල් ලෙස මෙම විද්‍යුත් දුම්වැටි 740ක් සහ විදෙස් දුම්වැටි 780ක් සඟවා තිබිය දී සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකිව තිබෙනවා.

තමන් වෙත ලැබී තිබූ ඇනවුම් මත මෙම දුම්වැටි තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු කළ බවයි සැකකරු රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?