මිලියන 07කට වැඩි ඊ-සිගරට් තොගයක් සමඟ අයෙක් රේගු දැලේ

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් සහ විදෙස් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) පස්වරුවේ තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

මොහු ඊයේ (06) පස්වරුවේ ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 549 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මොහු සමඟ මොහුගේ බිරිඳ සහ ළමුන් දෙදෙනා ද පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලූ 08ක් තුළ විවිධ ස්ථානවල කුඩා පාර්සල් ලෙස මෙම විද්‍යුත් දුම්වැටි 740ක් සහ විදෙස් දුම්වැටි 780ක් සඟවා තිබිය දී සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකිව තිබෙනවා.

තමන් වෙත ලැබී තිබූ ඇනවුම් මත මෙම දුම්වැටි තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු කළ බවයි සැකකරු රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46