Empty Ad
AFC Banner
Empty Ad

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් අල්ලයි

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් විසින් රුපියල් ලක්ෂ 29ක මුදලක් මෙලෙස වංචාකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කල්පිටිය, පල්ලිවාසතුරයි සහ නොරොච්චෝලය, කරඹ ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකරු නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සේනාධීරගේ දුලාන් මහේෂිත නැමැති අයෙක්.

අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරු පලවිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක මානික්කුගේ සඳරුවන් සිල්වා නැමැති අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සේනාධීරගේ දුලාන් මහේෂිත නැමැත්තා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක්වන අතර මොවුන් විසින් “Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් ආරම්භ කර මුදල් වංචා කිරීම හා ත්‍යාග මුදල් ලබාදෙන බව පවසා මෙලේඅස් මුදල් වංචාකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?