“අපිට ගෑස්, ඉන්ධන සම්පත් තිබුණත් විවිධ පාර්ශ්වයන්ගේ බලපෑම් නිසා ඒවා ලබාගන්න බැහැ”

අප රටක් ලෙස පසුගිය වසර 07 තුළ ඛේදවාචකයන් 05 කට මුහුණ දුන් බවත් පාස්කු ප්‍රහාර‌යේ සිට මැදපෙරදිග යුද ගැටුම දක්වා වූ මේ ඛේදවාචකයන් නිසා අප රට බරපතල අභියෝග රැසකට දැවැන්ත අවදානම් රැසකටද මුහුණ දී ඇති බවත් අපේ රට මේ වන විට ඉතාම දැවැන්ත අනතුරුදායක තත්ත්වයන් රැසකට මුහුණ දෙන බවත් ආහාර සුරක්ෂිතභාවය, ආර්ථික සමාජීය දේශපාලන සෛරීභාවය මෙන්ම ජනතාවගේ ජන ජිවිතය සංවර්ධන රටාවන් ආදී සෑම දෙයක්ම බරපතල අන්තරාදායක තත්ත්වයකට මුහුණ දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අභියෝග අවදානම් රැසක් ඇති අප රටේ සුපුරුදු න්‍යායන්වලට සුපුරුදු අදහස්වලට දර්ශනවලට කොටුවෙන්නේ නැතිව මේ අභියෝග අවදානම් තත්ත්වවලට විසදුම් සොයන බවත්, අප රටේ අද වන විට ආහාර සුරක්ෂිතභාවය වෙනුවට ආහාර අනාරක්ෂිතභාවයක් ඇති බවත්, අපේම රටේ එළවළු පළතුරු භවභෝග උපයෝගී කර ගෙන ආහාර ඇතුළු අනෙකුත් ඉලක්ක සම්පූර්ණ කර ගත යුතු ක්‍රමවේදයක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ,ආචාර්ය චන්දිමා විජය ගුණවර්ධන විසින් රචිත ‘එමි ආච්චි-ශ්‍රී ලංකාවේ ආච්චි අම්මා සහ පූර්ව ජීවීන්’ ග්‍රන්ථය මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්විමේ අවස්ථාව හා එක්වෙමින්.

මේ අදහස්වලට වෙනස් අදහස් ඉස්මතු කරන අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී සංකල්ප මුල් කර ගෙන දේශීය සම්පත් පසෙකලා අධිරාජ්‍යවාදී සංකල්ප රජකරවන කණ්ඩායම් අප රටේ ඇති බවත්, ඔවුන් අපේකම රටේකම සංස්කෘතිය සභ්‍යත්වය හිතාමතාම පිරිහමින් රටට ඔබින්නේ නැති සංකල්ප රටේ ස්ථාපිත කර රටේ ශ්‍රේෂ්ඨත්වය පලුදු කරන්න කූඨ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන නිසා මේවාට හසුනොවී වහලුන් නොවී සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

මේ අවස්ථාවේ රටේ අවශ්‍යතාව ජනතාවගේ අවශ්‍යතාව ගැන සිතා අප රටේ සම්පත් උපයෝගී කර ගෙන ස්වෝත්සාහයෙන් සෑම අතින්ම ස්වයංපෝෂිත විය යුතු බවත් අපේ මුහුදු තීරයේ ඇති ගෑස් නිධි ඉන්ධන සම්පත් ගැන කතා කරන බවත්, පසුගිය දිනක සමගි ජන බලවේගය බලශක්ති ප්‍රතිපත්ති සම්පාදන කමිටුව රැස්වූ අවස්ථාවේ දී එහි සිටි විශේෂඥයන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දී ඔවුන් කියා සිටියේ විවිධ පාර්ශ්වවල බලපෑම් නිසා මේ සම්පත් ලබා ගැනීමට නොහැකි බවත් බලශක්ති සුරක්ෂිතභාවයට ඉන්ධන සුරක්ෂිතභායට විරුද්ධව කටයුතු කරන පිරිසක් නිසා මේ සම්පත් ලබා ගැනීමට නොහැකි බව පැවසු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මෙම සම්පත් තිරසර ලෙස භාවිත කිරීම තුළින් විදේශ රටවලින් යැපෙන්නේ නැතිව ස්වයංපෝෂිතව කටයුතු කළ හැකි බවත්, ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ද මේ ගැටලු ඇති බවත් මේ කෘතිය හරහා අප රටටද පාඩම් රැසක් ඉගෙන ගැනීමට ඇති බවත් දේශීයත්වය අපේකම රටේකම සංස්කෘතියේ වැදගත්කම ආදිය මැනවින් ඉස්මතු කර ඇති බවත් ජනතාව ජීවත් කරවීමට අපේ රටෙන්ම ඉටු කළ හැකි දේ එනම් ආහාර සුරක්ෂිතභාවය වැනි ගැටලුවලට පවා මේ කෘතිය තුළින් පිළිතුරු දී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39