spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මියන්මාරයේ තරුණ තරුණියන්ට හමුදා සේවය අනිවාර්ය කෙරේ

මියන්මාරයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් සියලුම තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කරන බව මියන්මාර රජය නිවේදනය කර තිබෙනවා.

මෙම නිවේදනයට අනුව වයස අවුරුදු 18-35 අතර සියලුම පිරිමින් සහ අවුරුදු 18-27 අතර කාන්තාවන් අවම වශයෙන් වසර 02ක් හමුදාවේ සේවය කළ යුතු වනවා.

2021 වසරේ දී කුමන්ත්‍රණයකින් හමුදාව විසින් එරට පාලන බලය අත්පත් කර ගනු ලැබුව ද, මෑත කාලයේ දී මිලීෂීයා සහ හමුදා විරෝධී කැරළිකරුවන් සමඟ පැවති සටන්වල දී පසුගිය මාස කිහිපය තුළ හමුදාව නින්දිත පරාජයන් මාලාවකට මුහුණදීමට සිදු වුණා.

2021 පෙබරවාරි මාසයේ දී හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ සිවිල් රජයේ බලය අල්ලා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?