මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ වැඩිමහල් සොහොයුරාත් මීට ඉහතදී මියගිහින්

කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ වැඩිමහල් සොහොයුරා මීට වසර කිහිපයකට පෙර හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.ඔහු විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ හදාරන සිසුවෙකු ලෙස සිටිය කාලය තුළදී සිදු වූ දුම්රිය අනතුරකින් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

රාගම සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක ගමන් කරමින් සිටියදී අදාළ තරුණයාගේ බෑගය දුම්රියෙන් පිටත ස්ථානයක පැටලීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සඳහන්.  මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායනට වැඩිමහල් සොහොයුරෙකු සහ නැගණියක වනවා.  

මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු ඊයේ පස්වරුවේ දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුනා.ඒ, නිරෝධායන නීතිවලට අනුකූලවයි.

මෙම වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ සේවයේ නිරතව සිටියදී කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පළමු වෛද්‍යවරයා මොහු බවයි.මේ වනවිට වෛද්‍යවරුන් 89 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 63 දෙනෙකු දැනටමත් සුවය ලබා ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ. කෙසේ වෙතත් මේ වනවිට වෛද්‍යවරු 150 දෙනෙකු නිරෝධායනයේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58