මිනිසුන් කිහිප දෙනෙකුට ජීවත් වෙන්න අවස්ථාව දී මෙලොව හැරගිය 19 හැවිරිදි විහඟනා

මොළය මියගිය පුද්ගලයෙකුගෙන් ලබාගත් අවයව කොටස් දෙකක් රෝගියෙකුට එකවර බද්ධ කිරීමේ සාර්ථක සැත්කමක් කොළඹ ජාතික රෝහලේ දී පසුගිය දා සිදුකර තිබෙනවා.

මෙලෙස තවත් රෝගියෙකුට බද්ධ කර ඇත්තේ මොළය මියයෑම හේතුවෙන් මරණයට පත්වූ 19 හැවිරිදි පාසල් සිසුවියකගේ
හදවත සහ පෙනහළු දෙකයි.

ඇයගෙන් ලබාගත් හදවත සහ පෙනහළු මෙලෙස බද්ධ කර ඇත්තේ හදවත සහ පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීම විශේෂත්වයක්.

ඊට අමතරව 19 හැවිරිදි විහඟනාගෙන් ලබාගත් වකුගඩු දෙක සහ අක්මාව, වකුගඩු රෝගයෙන් පෙළුණු රෝගීන් දෙදෙනකුට සහ අක්මා රෝගියකුට බද්ධකර ඔවුන් තිදෙනාගේ ජීවිත ද බේරාගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබී තිබෙනවා.

මෙම සිසුවිය ජීවතුන් අතර සිටියදී ලබාදුන් පොරොන්දු පත්‍රයක් අනුව ඇයගේ ඇස් දෙක ද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කර ඇති අතර, ඉන් දෑස් නොපෙනෙන දෙදෙනෙකුට ලෝකය දැකීමට ඉදිරියේ දී අවස්තාව උදාවනවා.

විහඟනාගේ අවයව බද්ධ කළ රෝගීන් සියලුදෙනා මේ වනවිට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි වාර්තා වන්නේ.

විහඟනා වීරසිංහ අඹන්පොල ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවායි.

ඇය උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් හදාරා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මැයගේ මොළයේ අභ්‍යන්තර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොළේ මිය ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?