මිනිසුන් කිහිප දෙනෙකුට ජීවත් වෙන්න අවස්ථාව දී මෙලොව හැරගිය 19 හැවිරිදි විහඟනා

මොළය මියගිය පුද්ගලයෙකුගෙන් ලබාගත් අවයව කොටස් දෙකක් රෝගියෙකුට එකවර බද්ධ කිරීමේ සාර්ථක සැත්කමක් කොළඹ ජාතික රෝහලේ දී පසුගිය දා සිදුකර තිබෙනවා.

මෙලෙස තවත් රෝගියෙකුට බද්ධ කර ඇත්තේ මොළය මියයෑම හේතුවෙන් මරණයට පත්වූ 19 හැවිරිදි පාසල් සිසුවියකගේ
හදවත සහ පෙනහළු දෙකයි.

ඇයගෙන් ලබාගත් හදවත සහ පෙනහළු මෙලෙස බද්ධ කර ඇත්තේ හදවත සහ පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීම විශේෂත්වයක්.

ඊට අමතරව 19 හැවිරිදි විහඟනාගෙන් ලබාගත් වකුගඩු දෙක සහ අක්මාව, වකුගඩු රෝගයෙන් පෙළුණු රෝගීන් දෙදෙනකුට සහ අක්මා රෝගියකුට බද්ධකර ඔවුන් තිදෙනාගේ ජීවිත ද බේරාගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබී තිබෙනවා.

මෙම සිසුවිය ජීවතුන් අතර සිටියදී ලබාදුන් පොරොන්දු පත්‍රයක් අනුව ඇයගේ ඇස් දෙක ද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කර ඇති අතර, ඉන් දෑස් නොපෙනෙන දෙදෙනෙකුට ලෝකය දැකීමට ඉදිරියේ දී අවස්තාව උදාවනවා.

විහඟනාගේ අවයව බද්ධ කළ රෝගීන් සියලුදෙනා මේ වනවිට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි වාර්තා වන්නේ.

විහඟනා වීරසිංහ අඹන්පොල ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවායි.

ඇය උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් හදාරා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මැයගේ මොළයේ අභ්‍යන්තර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොළේ මිය ගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57
Video thumbnail
සංචාරකයින් ගිය බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර - යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:36
Video thumbnail
ඉක්මණට නඩු අහනවාට විපක්ෂය බයයි? සති 2න් 3න් නඩු තීන්දු එනවනේ
05:26
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:47
Video thumbnail
පොලිස්පතිට කළ ප්‍රකාශයට පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? මේක නීතියේ අධිපත්‍යයට කරපු තර්ජනයක්
05:41
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ - චානක පොලිස් ඇමති එක්ක ගේම ඉල්ලයි
02:46
Video thumbnail
වයස 65ක් කියන්නේ තාම තරුණයි - විශ්‍රාම වයස වැඩිකිරීම සුදුසුයි
09:28
Video thumbnail
මහානායක හිමියන්ලා ඉන්නේ සැකපිටද ?රජය වෙනුවෙන් කතාකරන්න ජනාධිපති නීතිඥයින් නෑ
11:54
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26