පැය 24 පුරා ක්‍රියාත්මකවන 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයින් හට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එලෙස අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන අයෙකුට මාස හයක් දක්වා කාලයක් බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකම හිමිවිය හැකි බවයි එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මෙම අංකය අවභාවිත කර මහජනතාව අසත්‍ය තොරතුරු ලබාදීම් තුලීන් වැදගත් මෙන්ම කඩිනමින් ක්‍රියාත්මක වියයුතු දුරකථන පණිවිඩ සඳහා ක්‍රියාත්මක වීමේදී බාධා හා ප්‍රමාදයන් සැළකිල්ලට ගනිමින් පොලීසිය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
1
+1
+1













