Empty Ad
AFC Banner
Empty Ad

මැදපෙරදිග ඇවිළෙන යුද්ධයට පුටින් වගකිව යුතුයි – බයිඩ්න්ගෙන් ප්‍රකාශයක්

රුසියානු ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය මෙන් ම මැදපෙරදිග යුද අර්බුදයත්, හමාස් ක්‍රියාකාරීන් සම්බන්ධයෙනුත් තමන් දැඩි ලෙස කනගාටුවටත්, එය හෙළා දකින බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෙන්වා දෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ තමන් සෑම විට ම සිය රට සමග සෙසු ලෝකයේ රටවල් එකට තබාගෙන සිටීමට උත්සාහයක් යෙදෙන බවයි.

ඕවල් කාර්‍යාලයේ දේශනයකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අමෙරිකාව මේ මොහොතේ යුක්‍රේනයට සේ ම ඊශ්‍රායලයට සහාය විය යුත්තේ කෙසේ දැයි යන කාරණය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

එමෙන්ම අමෙරිකානුවන් කවදත් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව නැගී සිටින සතුරන්ට විරුද්ධව කටයුතු කරන බව ද බයිඩ්න් කියා තිබෙනවා.

ඔහු මේ වනවිට යුක්‍රේනයට සහ ඊශ්‍රායලයට සහාය දැක්වීම පිණිස අමෙරිකානු ව්‍යවස්ථාදයකය වන කොංග්‍රස් මණ්ඩලයෙන් වැඩි මුදලක් ද ඒ සඳහා වෙන් කිරීමට ලබාදෙන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

බයිඩ්න් පැවසුවේ ඊශ්‍රායල – පලස්තීන යුද්ධයේ පුටින් කොටස්කරුවෙකු බවට තමන් විශ්වාස කරන බවයි.

2022 වසරේ දී යුක්‍රේනයේ ඩොන්බාර්ස්ක් කලාපයට රුසියාව පළමු පහරදීම සිදු කර, වසරක් ගත වීමටත් පෙර මැදපෙරදිග රාජ්‍යයන් අවුළුවා ලීමට ක්‍රියා කළ බවයි බයිඩ්න් චෝදනා කරන්නේ.

එබැවින් පුටින්ගේ ක්‍රියාකලාප සහ මැදපෙරදිග යුද්ධය අතර යම්කිසි සම්බන්ධයක් පවතින බවයි හෙතෙම පෙන්වාදෙන්නේ.

එවැනි ආක්‍රමණ නැවැත්වීම එක්සත් ජනපදයේ ආරක්ෂාවට පමණක් නොව ලෝකයේ ම රාජ්‍යයන්හි ආරක්ෂාවට බලපෑමක් ඇති කරන බවට ද බයිඩ්න් පෙන්වා දී තිබෙනවා.

ගාසා තීරය සම්පූර්ණයෙන් ම මේ වනවිට ඊශ්‍රායලය විසින් අවහිර කරනු ලැබ ඇති අතර, මිලියන 2.3ක ජනතාවක් වෙසෙන පලස්තීන ප්‍රදේශවලට බෝම්බ හෙලීමේ ක්‍රියා මධ්‍යයේ පවා අමෙරිකානු ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ සංචාරයක නිරත වීම ලෝකයේ ම අවධානයට ලක් වුණා.

එම සංචාරයෙන් පසුව සිය වැසියන් අමතමිනුයි බයිඩ්න් ජනාධිපතිවරයා විසින් අමෙරිකානු සහයෝගය මේ වෙලාවේ ඊශ්‍රායලයට අත්‍යවශ්‍ය බවට තරයේ ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21
Video thumbnail
මට කොස් රොටී මාමා කියලා කතා කරන්න - වඩු මඩුවක් ඇතුළේ දිලිත් කරපු සුපිරි කතාව
10:48
Video thumbnail
අපි දෙයක් කිව්වොත් කිව්වා - අපේ බොරු නෑ - ඇමති සමන්ත සහතික කරලා කියපු කතාව
11:26
Video thumbnail
ගොන් ආතල් ගන්න එපා මහත්තයෝ - ඉත්තෑකන්දේ හිමිට තදවෙයි
05:33
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34

?