මැදපෙරදිග ඇවිළෙන යුද්ධයට පුටින් වගකිව යුතුයි – බයිඩ්න්ගෙන් ප්‍රකාශයක්

රුසියානු ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය මෙන් ම මැදපෙරදිග යුද අර්බුදයත්, හමාස් ක්‍රියාකාරීන් සම්බන්ධයෙනුත් තමන් දැඩි ලෙස කනගාටුවටත්, එය හෙළා දකින බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෙන්වා දෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ තමන් සෑම විට ම සිය රට සමග සෙසු ලෝකයේ රටවල් එකට තබාගෙන සිටීමට උත්සාහයක් යෙදෙන බවයි.

ඕවල් කාර්‍යාලයේ දේශනයකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අමෙරිකාව මේ මොහොතේ යුක්‍රේනයට සේ ම ඊශ්‍රායලයට සහාය විය යුත්තේ කෙසේ දැයි යන කාරණය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

එමෙන්ම අමෙරිකානුවන් කවදත් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව නැගී සිටින සතුරන්ට විරුද්ධව කටයුතු කරන බව ද බයිඩ්න් කියා තිබෙනවා.

ඔහු මේ වනවිට යුක්‍රේනයට සහ ඊශ්‍රායලයට සහාය දැක්වීම පිණිස අමෙරිකානු ව්‍යවස්ථාදයකය වන කොංග්‍රස් මණ්ඩලයෙන් වැඩි මුදලක් ද ඒ සඳහා වෙන් කිරීමට ලබාදෙන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

බයිඩ්න් පැවසුවේ ඊශ්‍රායල – පලස්තීන යුද්ධයේ පුටින් කොටස්කරුවෙකු බවට තමන් විශ්වාස කරන බවයි.

2022 වසරේ දී යුක්‍රේනයේ ඩොන්බාර්ස්ක් කලාපයට රුසියාව පළමු පහරදීම සිදු කර, වසරක් ගත වීමටත් පෙර මැදපෙරදිග රාජ්‍යයන් අවුළුවා ලීමට ක්‍රියා කළ බවයි බයිඩ්න් චෝදනා කරන්නේ.

එබැවින් පුටින්ගේ ක්‍රියාකලාප සහ මැදපෙරදිග යුද්ධය අතර යම්කිසි සම්බන්ධයක් පවතින බවයි හෙතෙම පෙන්වාදෙන්නේ.

එවැනි ආක්‍රමණ නැවැත්වීම එක්සත් ජනපදයේ ආරක්ෂාවට පමණක් නොව ලෝකයේ ම රාජ්‍යයන්හි ආරක්ෂාවට බලපෑමක් ඇති කරන බවට ද බයිඩ්න් පෙන්වා දී තිබෙනවා.

ගාසා තීරය සම්පූර්ණයෙන් ම මේ වනවිට ඊශ්‍රායලය විසින් අවහිර කරනු ලැබ ඇති අතර, මිලියන 2.3ක ජනතාවක් වෙසෙන පලස්තීන ප්‍රදේශවලට බෝම්බ හෙලීමේ ක්‍රියා මධ්‍යයේ පවා අමෙරිකානු ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ සංචාරයක නිරත වීම ලෝකයේ ම අවධානයට ලක් වුණා.

එම සංචාරයෙන් පසුව සිය වැසියන් අමතමිනුයි බයිඩ්න් ජනාධිපතිවරයා විසින් අමෙරිකානු සහයෝගය මේ වෙලාවේ ඊශ්‍රායලයට අත්‍යවශ්‍ය බවට තරයේ ප්‍රකාශ කර සිටියේ.

  1. MU HEMA EKAGEMA PUKE ANGILLA GAGA HA YANAWA. AWIDINNA PANA NAHE, WATENAWA AYE NAGIRINAWA AYE WATENAWA. PUDUMA BALA THANHAWAK. MEHEMA AYA USA HISTORY EKE INDHALAMA NAHE. PATAN GATHTHE TRUMP GEN. APEN IGENA GENA NEDHA. MUNTA HEMA EKEMA ANILI GAHANNA HODHAYI. RUSSIA CHINA WALATA BAHE. MUTA LOKEMA LIYALA DEELA WAGEYI KATHAWA. ROCKET EKAK NOWEYI BULLET EKAK WATH THANIYAMA USSAGANNA BARI NAKIYEK NEDHA ME.

  2. ඇමෙරිකාව ලොකේම ගිනි තියමින් . රුසියාව ට චීනයට දොස් නගනවා . ඇමෙරිකානු පාලන ක්‍රමයෙ සෙටි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18