මැතිවරණය ගැන විශේෂ සාකච්ඡාවක් ලබන 07 – ඡන්දයට අදාළ සියලුම පාර්ශ්ව වෙතත් කැඳවීමක්

පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 07 වනදා (අඟහරුවාදා) පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා මැතිවරණයට අදාළ සියලුම පාර්ශ්ව කැඳවීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා එදිනට කැඳවීමට නියමිතයි.

ඒ බව දන්වමින් එම පාර්ශ්වයන්ට අද (04) දිනයේ දී ලිපි යොමු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

එළඹෙන 09 වනදා පළාත් පාලන ඡන්දය පැවැත්වීමට තීරණය කර තිබුණ ද පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ එදිනට ඡන්දය පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

ඒ, අනුව ඉදිරි මැතිවරණ දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ඊයේ (03) පෙරවරුවේ රැස්වුණා.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට හා නීතිපතිවරයාට නිකුත්කළ නියෝගයක් හේතුවෙන් පළාත් පාලන මැතිවරණ දිනය තීරණය කිරීම කල්දැමූ බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?