මාර්තු 25 ලෝක ජනසංහාර දිනය ලෙස නම් කරන ලෙසට ජගත් සංවිධානයට ඉල්ලීමක්

සෑම වසරකම මාර්තු 25 වන දින ලෝක ජනසංහාර දිනය ලෙස නම් කරන ලෙස බංග්ලාදේශ රජය ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

බංග්ලාදේශය වෙනුවෙන් බංග්ලාදේශ නියෝජ්‍ය මහ කොමසාරිස් අන්දාලිබ් එලියාස් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

1971 වසරේ මාර්තු මස 25 වනදා වත්මන් බංග්ලාදේශයට ඇතුළු වූ පාකිස්ථාන හමුදාව නිරායුධ වැසියන් දහස් ගණනින් වෙඩි තබා ඝාතනය කළ අතර, එතැන් සිට මාස 09ක් තුළ ලක්ෂ 90ක වැසියන් පිරිසක් පාකිස්ථාන හමුදා අතින් ඝාතනයට ලක් වූ බවයි බංග්ලාදේශ රජය නිවේදනය කර ඇත්තේ.

මේ හේතුවෙන් සෑම වසරකම මාර්තු 25 ලෝක ජනසංහාරක දිනය වශයෙන් නම් කළ යුතු බව ජගත් සංවිධානයට බංග්ලාදේශය අද යෝජනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?