මාර්ගයකට ගසක් කඩා වැටී 3ක් රෝහලේ (ඡායාරූප සහ වීඩියෝ)

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ වරාපිටිය ප්‍රදේශයේදී විශාල ගසක් මාර්ගයට කඩා වැටීමෙන් වාහන කිහිපයකට හානි සිදුවී පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වරාපිටිය බණ්ඩාරනායක ජාතික පාසල ආසන්න්නයේ තිබූ විශාල මාර ගසක් අද පස්වරු 4.30ට පමණ කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් වාහන තුනකට හා වෙළඳසැලකට අලාභ හානි සිදුවී ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ ගස කඩා වැටීමෙන් හානි වූ වෙළඳසල තුළ සිටි කාන්තාවක් ඇතුලු තුන් දෙනෙක්.

ගස කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතියටද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයෙන් ගිය වෑන් රථයකට දැඩි හානි සිදුව ඇති අතර එහි ගමන් ගත් අඹුසැමි යුවළක් හා ඔවුන් ගේ වයස අවුරුදු තුනක් වන දරුවාට කිසිදු හානියක් සිදුව නැහැ.

වර්ෂාව සමඟ ඇති වූ අධික සුළඟ සමඟ කඩා වැටී තිබෙන ගස වට අඩි 20 ක් පමණ වන දැවැන්ත එකක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

vlcsnap 2023 11 02 17h00m39s863
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
3
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46