spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට

උණ රෝගය වැළඳීම හේතුවෙන් මාතර මහරෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටි මාතර බන්ධනාගාර රැඳවියෙකු මියගොස් තිබෙනවා.

මේ අනුව උණ රෝගයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මේ වන විට ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (29) රාත්‍රී මියගොස් ඇත්තේ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.

මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් වරදකරු වී මාතර බන්ධනාගාරයේ රඳවා සිටි මෙම පුද්ගලයා පසුගිය 22 වනදා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබුණා. ඒ බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ උණ රෝගයක් හේතුවෙන්.

මේ අනුව මේ වන විට උණ රෝගය හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

කෙසේවෙතත් බන්ධනාගාරයේ නව රෝගීන් හඳුනා ගැනීමක් වාර්තා නොවන අතර මියගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?