මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට

උණ රෝගය වැළඳීම හේතුවෙන් මාතර මහරෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටි මාතර බන්ධනාගාර රැඳවියෙකු මියගොස් තිබෙනවා.

මේ අනුව උණ රෝගයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මේ වන විට ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (29) රාත්‍රී මියගොස් ඇත්තේ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.

මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් වරදකරු වී මාතර බන්ධනාගාරයේ රඳවා සිටි මෙම පුද්ගලයා පසුගිය 22 වනදා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබුණා. ඒ බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ උණ රෝගයක් හේතුවෙන්.

මේ අනුව මේ වන විට උණ රෝගය හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

කෙසේවෙතත් බන්ධනාගාරයේ නව රෝගීන් හඳුනා ගැනීමක් වාර්තා නොවන අතර මියගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06