spot_imgspot_img

මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් සඳුදා හා අඟහරුවාදා නිවාඩු

මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) පැවති දිස්ත්‍රික් ආපදා කළමණාකරණ කමිටුව රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ගංවතුර තත්ත්වයන්ට මේ වනවිට මුහුණ දී තිබෙනවා.

එමෙන්ම මාතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ම නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුතකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?