Empty Ad
AFC Banner
Empty Ad

මහ මැතිවරණයට දෙමළ පක්ෂ සන්ධානයක් ගහන්න සැරසෙයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය ලෙසට සන්ධානගතව තරග කිරීමට එක්වන ලෙස ඉලංගෙයි තමිල් අරසු පක්ෂය; දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ පක්ෂ වෙත ආරාධනා කර තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (28) වවුනියාවේ දී රැස්වීමෙන් අනතුරුව මෙම ආරාධනාව සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පැවසුවේ මීට පෙර පාර්ලිමේන්තු මැතිවරණවල තරග කළ ආකාරයටම මෙවර ද ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නම හා පක්ෂයේ ලාංජනය යටතේ දෙමළ ජාතික සන්ධානය ලෙසට සන්ධානගතව තරඟ කිරීමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ පක්ෂ වෙත ආරාධනා කර සිටින බවයි.

සන්ධානගතව තරග කිරීමට අනෙකුත් පක්ෂ එකඟ නොවුණහොත් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තම පක්ෂය තනිව තරග කිරීමට තීරණය කළ බවද ඔහු මෙහිදී පැවසුවා.

එමෙන්ම ජනාධිපතිවරණයේ දී දෙමළ පොදු අපේක්ෂක ලෙස කටයුතු කළ පක්ෂයේ නියෝජිත පි.අරියනේන්දිරන්ගෙන් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා අවසන් තීරණයක් ගැනීමට පක්ෂය තීන්දු කළ බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සඳහන් කළා.

එළඹෙන මැතිවරණයට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් පක්ෂ කමිටුවක් ස්ථාපිත කළ බව ද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියා.

දෙමළ ජාතික සන්ධානය ලෙසට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමඟ සන්ධානගතව සිටි ප්ලෝට් හා ටෙලෝ සංවිධානය පසුගිය ජනාධිපතිවරණයේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ තීරණයට විරුද්ධව උතුරු නැගෙනහිර නියෝජනය කරන පක්ෂ හතක් සමඟ එක්ව ජනාධිපතිවරණයේ දී දෙමළ පොදු අපේක්ෂක ලෙස කටයුතු කළ පි.අරියනේන්දිරන් වෙත සහයෝගය පළකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ දවල් අකුරැස්ස උණුසුම් වූ රන්භාණ්ඩ වෙළෙදසැල් කොල්ලය
02:18
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
03:01:01
Video thumbnail
බටලන්ද දැන් යන්නේ වෙනම පැත්තකට - ඉස්සරහට වෙන දේවල් හිතාගන්න බෑ
12:45
Video thumbnail
දැන් අපි හොඳටම බයවෙලා ඉන්නේ ආරක්ෂාව දුන්නොත් දැනුත් මම ගන්නවා
12:05
Video thumbnail
සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව මෙන්න
11:34
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පා.ම ප්‍රසාද් සිරිවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:39
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩු බලය අල්ලන්න හදන හැටි - සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක සියල්ල හෙළි කරයි
10:48
Video thumbnail
ප්‍රසාද් සිරිවර්ධන මුල මතක් කරපු හැටි
04:24
Video thumbnail
වෘත්තීය සමිති නලින්දට අභියෝග කරයි - අපි ලෑස්තියි ඔයත් එක්ක හැප්පෙන්න
23:34
Video thumbnail
ජීවතුන් අතරේ ඉද්දී මරණ සහතිකේ දුන්න 88/89 ඇඟ හිරිවැටෙන කතාව
21:33

?