මහ මැතිවරණයට දෙමළ පක්ෂ සන්ධානයක් ගහන්න සැරසෙයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය ලෙසට සන්ධානගතව තරග කිරීමට එක්වන ලෙස ඉලංගෙයි තමිල් අරසු පක්ෂය; දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ පක්ෂ වෙත ආරාධනා කර තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (28) වවුනියාවේ දී රැස්වීමෙන් අනතුරුව මෙම ආරාධනාව සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පැවසුවේ මීට පෙර පාර්ලිමේන්තු මැතිවරණවල තරග කළ ආකාරයටම මෙවර ද ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නම හා පක්ෂයේ ලාංජනය යටතේ දෙමළ ජාතික සන්ධානය ලෙසට සන්ධානගතව තරඟ කිරීමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ පක්ෂ වෙත ආරාධනා කර සිටින බවයි.

සන්ධානගතව තරග කිරීමට අනෙකුත් පක්ෂ එකඟ නොවුණහොත් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තම පක්ෂය තනිව තරග කිරීමට තීරණය කළ බවද ඔහු මෙහිදී පැවසුවා.

එමෙන්ම ජනාධිපතිවරණයේ දී දෙමළ පොදු අපේක්ෂක ලෙස කටයුතු කළ පක්ෂයේ නියෝජිත පි.අරියනේන්දිරන්ගෙන් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා අවසන් තීරණයක් ගැනීමට පක්ෂය තීන්දු කළ බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සඳහන් කළා.

එළඹෙන මැතිවරණයට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් පක්ෂ කමිටුවක් ස්ථාපිත කළ බව ද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියා.

දෙමළ ජාතික සන්ධානය ලෙසට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමඟ සන්ධානගතව සිටි ප්ලෝට් හා ටෙලෝ සංවිධානය පසුගිය ජනාධිපතිවරණයේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ තීරණයට විරුද්ධව උතුරු නැගෙනහිර නියෝජනය කරන පක්ෂ හතක් සමඟ එක්ව ජනාධිපතිවරණයේ දී දෙමළ පොදු අපේක්ෂක ලෙස කටයුතු කළ පි.අරියනේන්දිරන් වෙත සහයෝගය පළකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20