මහ මැතිවරණයට කණ්ඩායම් 690ක් තරග බිමට – නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේපයි (වීඩියෝ)

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වූ නාමයෝජනා භාර ගැනීම අද (11) මධ්‍යහන 12ට අවසන් වුණා.

ඒ, අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට; මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

නාමයෝජනා භාර ගැනීමට දී තිබූ කාලයෙන් අනතුරුව අද (11) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා භාර දී තිබූ නාමයෝජනා 764න් නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි.

එලෙස නාමයෝජනා ප්‍රතික්ෂේප වූවන්ට අසාදාරනය වී ඇති බව හැඟේ නම් ඉදිරියේ දී අධිකරණයට පවා යෑමට අවසථාව පවතින බව ද කොමසාරිස්වටයා පැවසුවා.

මේ අතර මෙවර මැතිවරණය සඳහා වැඩිම දේශපාලන කණ්ඩායම් සංඛ්‍යාවක් තරග වදින මැතිවරණ දිස්ත්‍රික්කය දිගාමඩුල්ල වන අතර එම සංඛ්‍යාව 64ක් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මොණරාගල සහ පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා අවම දේශපාලන කණ්ඩායම් සංඛ්‍යාවක් තරග කරන අතර, දේශපාලන කණ්ඩායම් 15 බැගින් එම දිස්ත්‍රික්ක දෙකේ තරග කරන බව ඔහු පැවසුවා.

මේ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන එක් එක් අපේක්ෂකයින්ගේ අංක ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06