හෙරොයින් කිලෝග්රෑම් 21ක් සමඟ සැකකරුවෙක් පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටාන – ගිරිඋල්ල මාර්ගයේ සමෘද්ධි මාවත ප්රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අද (25) අලුයම සිදුකල වැටලීමක දී මෙම සැකකරු සමඟ හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර , එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 50ක් පමණ වන බවයි පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සඳහන් කළේ.
පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ නියෝජ්ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ මූලිකත්වයෙන් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්රියාත්මකයි.
