මහින්ද රාජපක්ෂ ගේ සහායත් රනිල් ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහගේ ඉදිරි ගමනට සහාය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා

‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු ‘ යන ජන රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට දේශපාලනිකව යහමඟට හැරී ඇති බැවින් මෙලෙස ඔහුගේ ඉදිරි ගමනට සහාය දක්වන බවයි එතුමා පැවසුවේ

අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මෙම ජන රැලියක් පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදීය.ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.එම රැළියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?