මහා දුම්රිය අනතුරක් වළක්වා ගත් මොරටුවේ සමන්තව ඇමති බිමල් අමාත්‍යංශයට කැඳවයි (වීඩියෝ)

පසුගිය 05 වනදා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදුවන්නට ගිය දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු කළ මොරටුව ප්‍රදේශයේ පදිංචි අනුර සමන්ත ප්‍රනාන්දු මහතා ඇගයීමට ලක් කිරීම ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඒ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේදීයි.

පසුගිය 05 වනදා උදෑසන එගොඩ උයන දුම්රිය මර්ගය අසලින් ගමන් කළ අනුර සමන්ත ප්‍රනාන්දු මහතා දුම්රිය පීල්ලේ කැඩී ඇති තැනක් දැක ඇති අතර, එහිදී කඩිනමින් ක්‍රියාත්මක වූ ඔහු තමා හැඳ සිටි ටී ෂටරය ගලවා වනමින් දුම්රිය එන පෙරමගට දිවගොස් තිබෙනවා.

එහිදී ඔහු සාගරිකා කාර්යාල දුම්රිය නවතා ගැනීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව සිදුවන්නට ගිය විශාල අනතුරක් ඔහු විසින් වළක්වා ගෙන තිබුණා.

මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් පසුගියදා දුම්රිය දෙකක් ගැටී සිදුවන්නට ගිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු කළ පානදුර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ රියදුරු ලෙස කටයුතු කළ විදුර විදර්ශන මහතා ඇගයීමට ලක් කිරීම ද මෙහිදී සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06