මහා දුම්රිය අනතුරක් වළක්වා ගත් මොරටුවේ සමන්තව ඇමති බිමල් අමාත්‍යංශයට කැඳවයි (වීඩියෝ)

පසුගිය 05 වනදා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදුවන්නට ගිය දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු කළ මොරටුව ප්‍රදේශයේ පදිංචි අනුර සමන්ත ප්‍රනාන්දු මහතා ඇගයීමට ලක් කිරීම ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඒ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේදීයි.

පසුගිය 05 වනදා උදෑසන එගොඩ උයන දුම්රිය මර්ගය අසලින් ගමන් කළ අනුර සමන්ත ප්‍රනාන්දු මහතා දුම්රිය පීල්ලේ කැඩී ඇති තැනක් දැක ඇති අතර, එහිදී කඩිනමින් ක්‍රියාත්මක වූ ඔහු තමා හැඳ සිටි ටී ෂටරය ගලවා වනමින් දුම්රිය එන පෙරමගට දිවගොස් තිබෙනවා.

එහිදී ඔහු සාගරිකා කාර්යාල දුම්රිය නවතා ගැනීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව සිදුවන්නට ගිය විශාල අනතුරක් ඔහු විසින් වළක්වා ගෙන තිබුණා.

මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් පසුගියදා දුම්රිය දෙකක් ගැටී සිදුවන්නට ගිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු කළ පානදුර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ රියදුරු ලෙස කටයුතු කළ විදුර විදර්ශන මහතා ඇගයීමට ලක් කිරීම ද මෙහිදී සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14