මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පළා ගොස් මහවැලි ගගට පනිනු ලැබූ රැඳවියාගේ සිරුර හමුවී තිබෙනවා.

එම රැඳවියාගේ මෘත ශරීරය නාවික හමුදාව සහ පොලිසිය මහවැලි ගඟේ සිදු කළ මෙහෙයුමකදී සොයා ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එළිමහන් කඳවුරේ සිටි මෙම රැඳවියා සිර කඳවුරෙන් පැන ගොස් මහවැලි ගඟ හරහා පළායන අවස්ථාවේදී දියේ ගිලී අතුරුදහන්ව තිබුණේ පෙරේදා (24) යි.

34 හැවිරිදි ඔහු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මහනුවර රෝහලේ තැන්පත් කර ඇති අතර පල්ලෙකැලේ පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?