Fly high Get bonus Aviator Phone

මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 300ක් ඉදිරියේ දී සෞඛ්‍ය සේවයට (ඡායාරූප)

මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 300ක් ඉදිරියේ දී බදවාගෙන සේවය සදහා එක් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

වැඩිහිටි සත්කාරක සේවා, බෝ නොවන රෝග වැළැක්වීමේ ක්‍රියාකරකම්, සහන සත්කාරක සේවා, තුවාල සත්කාර, හදිසි අවස්ථාවක ක්‍රියා කිරීම සහ කුඩා ප්‍රමාණයේ පරීක්ෂණ ඔවුන් විසින් සිදුකිරීමට නියමිත සේවාවන් අතර වනවා.

මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සත්කාර ඒකක 1000ක් සදහා ප්‍රමාණවත් මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් බදවා ගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමත් අරමුණ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.

මහජන සෞඛ්‍ය හෙද නිලධාරීණියන්ගේ සේවය ඇගයීම සදහා කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවති උත්සවයකදී මේ බව සඳහන් වුණා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් කීපදෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?