මනුෂ්‍යත්වයේ පැතිකඩ පෙරදැරි කරගෙන රතු කුරුස සහ රතු අඩසඳ දිනය අතිඋත්කර්ෂවත් ව සැමරෙයි

ලොව පුරා ලෝක රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ දිනය ලෙස සැලකෙන මැයි 08 වැනි දිනය නිල වශයෙන් සැමරීම මෙරට දී ද සිදු කෙරුණා.

ඒ පසුගියදා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය (SLRCS), ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සමාජ සම්මේලනය (IFRC) සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC), ස්වේච්ඡා සේවකයින් සහ ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ එක්වයි.

දිවයින පුරා ජාතික මට්ටමින්, කොළඹ පිහිටි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, දිස්ත්‍රික් මට්ටමින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණා.

දූරදර්ශී මානවවාදී සහ රතු කුරුස ව්‍යාපාරයේ නිර්මාතෘ හෙන්රි ඩුනන්ට්ගේ උපත සහ ඔහු විසින් සමාජය වෙනුවෙන් සිදු කළ අනුපමේය සේවය සිහි කිරීම පිණිස මෙම සැමරුම් උත්සවය ලෝක වාසී බොහොමයක් දෙනා විසින් සිදු කරනු ලබනවා.

මෙම වසරේ තේමාව වන ‘මනුෂ්‍යත්වයේ පැතිකඩෙන්'(On the Side of Humanity) පෙරදැරි කරගනිමින් රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරයේ කටයුතු සඳහා පෙළඹවීමක් ඇති කරන ප්‍රධාන මූලධර්මය වන මනුෂ්‍යත්වයට සමීපව සම්බන්ධ ව කටයුතු කිරීම අරමුණු කරගනිමින් මෙය සැමරීම සිදු කෙරුණා.

මෙම දිනයට සමගාමීව දිවයින පුරා රතු කුරුස කව හරහා තරුණ ප්‍රජාව එක් කරගනිමින් මානුෂීය තේමාවන් පෙරදැරි කරගෙන නිර්මාණාත්මක ප්‍රකාශනයන් ඉදිරිපත් කිරීමට තරග රැසක් ද සංවිධානය කර තිබුණු බවත් වාර්තා වනවා.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සභාපති කේ. බාලක්‍රිෂ්ණන් මහතා මෙම සැමරුම් උත්සවයට එක්වෙමින් සඳහන් කළේ;

ස්වේච්ඡා සේවකයින් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මුල් පදනම වනවා. ලෝක රතු කුරුස සහ රතු අඩ සඳ දිනයේ දී, අන් අය පසුබට වන විට ඉදිරියට යමින්, පළමු ප්‍රතිචාර දක්වන්නන් බවට පත්වීමට, සිදු කරන කැපවීම සහ නොපසුබට උත්සාහයන් ඇති ස්වේච්ඡා සේවකයින්ට අපගේ හදපිරි කෘතඥතාව පළ කරනවා. ඔවුන්ගේ පරාර්ථකාමී කැපවීම මානුෂීය සේවයේ සැබෑ ආත්මය විදහා දක්වනවා..’‘ යනුවෙන්.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ,

ශ්‍රී ලංකා රතු කුරුස සංගමය (SLRCS) මෙරට ජනතාව සමඟ ආඩම්බරයෙන් සහයෝගීතාවයෙන් සිටින අතර, ආපදා, ගැටුම්, අර්බුද සහ අනෙකුත් හදිසි අවස්ථාවලදී පූර්ණ සහයෝගයක් ලබා දෙමින් සමාජීය අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙන බවයි.

මෙම අවස්ථාවට දෙස් – විදෙස් රතු කුරුස සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් රැසක ජ්‍යේෂ්ඨ හා කනිෂ්ට නියෝජිතයින් රැසක් ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?