මනුෂ්‍යත්වයේ පැතිකඩ පෙරදැරි කරගෙන රතු කුරුස සහ රතු අඩසඳ දිනය අතිඋත්කර්ෂවත් ව සැමරෙයි

ලොව පුරා ලෝක රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ දිනය ලෙස සැලකෙන මැයි 08 වැනි දිනය නිල වශයෙන් සැමරීම මෙරට දී ද සිදු කෙරුණා.

ඒ පසුගියදා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය (SLRCS), ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සමාජ සම්මේලනය (IFRC) සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC), ස්වේච්ඡා සේවකයින් සහ ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ එක්වයි.

දිවයින පුරා ජාතික මට්ටමින්, කොළඹ පිහිටි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, දිස්ත්‍රික් මට්ටමින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණා.

දූරදර්ශී මානවවාදී සහ රතු කුරුස ව්‍යාපාරයේ නිර්මාතෘ හෙන්රි ඩුනන්ට්ගේ උපත සහ ඔහු විසින් සමාජය වෙනුවෙන් සිදු කළ අනුපමේය සේවය සිහි කිරීම පිණිස මෙම සැමරුම් උත්සවය ලෝක වාසී බොහොමයක් දෙනා විසින් සිදු කරනු ලබනවා.

මෙම වසරේ තේමාව වන ‘මනුෂ්‍යත්වයේ පැතිකඩෙන්'(On the Side of Humanity) පෙරදැරි කරගනිමින් රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරයේ කටයුතු සඳහා පෙළඹවීමක් ඇති කරන ප්‍රධාන මූලධර්මය වන මනුෂ්‍යත්වයට සමීපව සම්බන්ධ ව කටයුතු කිරීම අරමුණු කරගනිමින් මෙය සැමරීම සිදු කෙරුණා.

මෙම දිනයට සමගාමීව දිවයින පුරා රතු කුරුස කව හරහා තරුණ ප්‍රජාව එක් කරගනිමින් මානුෂීය තේමාවන් පෙරදැරි කරගෙන නිර්මාණාත්මක ප්‍රකාශනයන් ඉදිරිපත් කිරීමට තරග රැසක් ද සංවිධානය කර තිබුණු බවත් වාර්තා වනවා.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සභාපති කේ. බාලක්‍රිෂ්ණන් මහතා මෙම සැමරුම් උත්සවයට එක්වෙමින් සඳහන් කළේ;

“ස්වේච්ඡා සේවකයින් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මුල් පදනම වනවා. ලෝක රතු කුරුස සහ රතු අඩ සඳ දිනයේ දී, අන් අය පසුබට වන විට ඉදිරියට යමින්, පළමු ප්‍රතිචාර දක්වන්නන් බවට පත්වීමට, සිදු කරන කැපවීම සහ නොපසුබට උත්සාහයන් ඇති ස්වේච්ඡා සේවකයින්ට අපගේ හදපිරි කෘතඥතාව පළ කරනවා. ඔවුන්ගේ පරාර්ථකාමී කැපවීම මානුෂීය සේවයේ සැබෑ ආත්මය විදහා දක්වනවා..’‘ යනුවෙන්.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ,

ශ්‍රී ලංකා රතු කුරුස සංගමය (SLRCS) මෙරට ජනතාව සමඟ ආඩම්බරයෙන් සහයෝගීතාවයෙන් සිටින අතර, ආපදා, ගැටුම්, අර්බුද සහ අනෙකුත් හදිසි අවස්ථාවලදී පූර්ණ සහයෝගයක් ලබා දෙමින් සමාජීය අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙන බවයි.

මෙම අවස්ථාවට දෙස් – විදෙස් රතු කුරුස සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් රැසක ජ්‍යේෂ්ඨ හා කනිෂ්ට නියෝජිතයින් රැසක් ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20