spot_imgspot_img

මන්නාරමේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මන්නාරම,අඩම්පන් මුල්ලිකන්ඩිල් මංසන්ධිය ප්‍රදේශයේදී අද(24) උදැසන සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව අඩම්පන් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු වෙත වෙඩි තැබීම සිදුකොට ඇති අතර, වෙඩි තැබීමෙන් වයස අවුරුදු 46 ක් හා 52 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය පුද්ගලයින්ගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමට නියමිතය.

දෙපිරිසක් අතර වු ගැටුමක් ප්‍රතිඵලයක් මත වෙඩි තැබීම සිදුව ඇති බව අනාවරණය වි ඇති බවද පොලිසිය පැවසූහ.
මීට පෙර සිදුවු ඝාතන සිදුවීමක් මුල් කර ගනිමින් දෙපිරිසක් දීර්ඝ කාලයක සිට ආරවුල් ඇති කර ගනිමින් සිටින අතර, අදාළ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම මරණයන් සිදු කොට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?