මන්නාරමේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මන්නාරම,අඩම්පන් මුල්ලිකන්ඩිල් මංසන්ධිය ප්‍රදේශයේදී අද(24) උදැසන සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව අඩම්පන් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු වෙත වෙඩි තැබීම සිදුකොට ඇති අතර, වෙඩි තැබීමෙන් වයස අවුරුදු 46 ක් හා 52 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය පුද්ගලයින්ගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමට නියමිතය.

දෙපිරිසක් අතර වු ගැටුමක් ප්‍රතිඵලයක් මත වෙඩි තැබීම සිදුව ඇති බව අනාවරණය වි ඇති බවද පොලිසිය පැවසූහ.
මීට පෙර සිදුවු ඝාතන සිදුවීමක් මුල් කර ගනිමින් දෙපිරිසක් දීර්ඝ කාලයක සිට ආරවුල් ඇති කර ගනිමින් සිටින අතර, අදාළ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම මරණයන් සිදු කොට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34