මන්ත්‍රීවරු දැනුවත් කරන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙට පාර්ලිමේන්තුවට – එවැනි දේකට අවස්ථාව නෑ සභානායක කියයි (වීඩියෝ)

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්ත මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සාමාජිකයින් පිරිසක් හෙට (20) දිනයේ දී පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබෙනවා.

විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස අද (18) පාර්ලිමේන්තුවේ දී අදාහස් දක්වමින් මේ බව සඳහන් කර සිටියා.

මීට පිළිතුරු ලබාදෙමින් සභා නායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියේ, කිසිම වෘත්තීය සංවිධානයකට හෝ වෙනත් සංවිධානයට පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමට එලෙස අවස්ථාවක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්