මදුරුවෝ ඉස්සූ ‘මැස්සා’ පොලිස් දැලේ (ඡායාරූප)

භාවිතය සඳහා ලියාපදිංචි නොකළ යුතු අශ්වබල 48ට අඩු ධාරිතාවයෙන් යුත් ‘මදුරුවා’ නමින් හඳුවන්වන යතුරුපැදි 12ක් සොරකම් කර අලෙවි කළ බව කියන අයෙක් මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මැස්සා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 48 හැවිරිදි අයෙක් බවයි වාර්තා වුණේ.

මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ යොදා තිබූ හදිසි මාර්ග බාධකයක දී සැකපිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී සැකකරු විසින් සිදුකර ඇති යතුරුපැදි සොරකම් පිළිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු මාරවිල, පන්නල, කුලියාපිටිය, හෙට්ටිපොල, බිංගිරිය, හලාවත සහ දුම්මලසූරිය යන ප්‍රදේශවලින් මෙම යතරුපැදි සොරාගෙන ඇති බවයි තොරතුරු හෙළිව ඇත්තේ.

සොරකම් කරන ලද යතුරුපැදි රුපියල් 40,000කට වඩා අඩු මුදලකට බිංගිරිය, මාදම්පේ, දුම්මලසූරිය යන ප්‍රදේශවලට අලෙවිකර තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සැකකරු මීට පෙරද යතුරුපැදි සොරකම්කර අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අයෙක් බවට ද අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් සොරකම් කරන ලද යතුරුපැදි මාර්ගයේ ධාවනය කිරීමේ දී රිය බලපත්‍ර ඇතුළු ලියකියවිලි සහ ආරක්ෂිත හිස් වැසුම් අවශ්‍ය නොවන හේතුවෙන් අලෙවි කිරීමේ දී අපහසුතාවයක් නොතිබූ බව ද සැකකරු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

50 scaled
51 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51

?