මදුරුවෝ ඉස්සූ ‘මැස්සා’ පොලිස් දැලේ (ඡායාරූප)

භාවිතය සඳහා ලියාපදිංචි නොකළ යුතු අශ්වබල 48ට අඩු ධාරිතාවයෙන් යුත් ‘මදුරුවා’ නමින් හඳුවන්වන යතුරුපැදි 12ක් සොරකම් කර අලෙවි කළ බව කියන අයෙක් මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මැස්සා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 48 හැවිරිදි අයෙක් බවයි වාර්තා වුණේ.

මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ යොදා තිබූ හදිසි මාර්ග බාධකයක දී සැකපිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී සැකකරු විසින් සිදුකර ඇති යතුරුපැදි සොරකම් පිළිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු මාරවිල, පන්නල, කුලියාපිටිය, හෙට්ටිපොල, බිංගිරිය, හලාවත සහ දුම්මලසූරිය යන ප්‍රදේශවලින් මෙම යතරුපැදි සොරාගෙන ඇති බවයි තොරතුරු හෙළිව ඇත්තේ.

සොරකම් කරන ලද යතුරුපැදි රුපියල් 40,000කට වඩා අඩු මුදලකට බිංගිරිය, මාදම්පේ, දුම්මලසූරිය යන ප්‍රදේශවලට අලෙවිකර තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සැකකරු මීට පෙරද යතුරුපැදි සොරකම්කර අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අයෙක් බවට ද අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් සොරකම් කරන ලද යතුරුපැදි මාර්ගයේ ධාවනය කිරීමේ දී රිය බලපත්‍ර ඇතුළු ලියකියවිලි සහ ආරක්ෂිත හිස් වැසුම් අවශ්‍ය නොවන හේතුවෙන් අලෙවි කිරීමේ දී අපහසුතාවයක් නොතිබූ බව ද සැකකරු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

50 scaled
51 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41