ලොව පුරා සමරන දීපවාලී උත්සවය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් වන දීපවාලී උත්සවය අදට (08) දිනට යෙදී තිබෙනවා.

අඳුර දුරු වී ආලෝකය ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් විසින් සිය නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සමරනු ලබනවා.

නව සඳ උදාවට සමගාමීව පැවැත්වෙන දීපාවලී උත්සවය තුළින් අයහපත පරදා යහපතත්, අඳුර පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සංකේතවත් කෙරෙනවා.