AFC Banner
Empty Ad
Empty Ad

මඩු රක්ෂිතයේ අතරමං වු පොලිස් සැරයන් හමුවෙයි

මන්නාරම,පොලිස් ස්ථානයේ පොලිස් මුළුතැන්ගෙට අවශ්‍ය දර සෙවීමට ගිය අවස්ථාවේ ඊයේ (19) දහවල් අතුරුදහන් වූ පොලිස් සැරයන්වරයා අද දහවල් හමුවී තිබෙනවා.

කිසිදු කරදරයකින් තොරව අද (20) දහවල් මෙම නිලධාරියා හමුවූ බවයි මඩු පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

පොලිසිය පැවසූවේ අතුරුදහන් ව සිටි පොලිස් සැරයන්වරයා මඩු, පණ්ඩිවිරිච්චාන් කැලෑවේ විල්ලුව ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකිවු බවයි.

මෙම නිලධාරියා ඇතුළු මන්නාරම පොලිසියේ පිරිසක් දර සෙවීමට ට්‍රැක්ටර රථයකින් මඩු කැලෑවට ගිය අවස්ථාවේ ඔහු අතුරුදහන්ව තිබුණා.

පොලිසිය පැවසූවේ මඩු හා මන්නාරම පොලිස් නිලධාරීන්,යුධ හමුදා නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් අතුරුදන් නිලධාරියා සොයා අද (20) මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවයි.

මෙහෙයුම අවස්ථාවේ අදාළ පොලිස් නිලධාරියා පණ්ඩිවිරිච්චාන් කැලෑවේ ගසක් මත සිටියදී සොයාගැනීමට හැකි වූ බව ද පොලිසිය ප්‍රකාශ කළා.

මඩු කැලෑවේ දර කැඩීමට ගිය අවස්ථාවේ වලස් ප්‍රහාරයන්ට හා වන අලි ප්‍රහාරයන්ට ලක්ව පුද්ගලයින් කිහිපදෙනෙකු මීට පෙර ජිවිතක්ෂයට පත්ව ඇති බව ද ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබත් අස ජීවිතයේ සතුටින් ඉන්නද? #goodmorning
06:11
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53

?