spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මංගල උත්සව සදහා තවමත් සීමා

අද සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා සීමා කිරීම්වලට යටත්ව අවසර පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

විවාහ මංගල උත්සව පැවැත්වීමේදී ශාලා තුලට ඇතුලත් කර ගත හැක්කේ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාවෙන් 25%ක ධාරිතාවයකට පමණයි.

එහි උපරිමය පුද්ගලයින් 50කට සීමා වනවා.

එසේම එළි මහන් මංගල උත්සව සඳහා පුද්ගලයින් 75 දෙනෙකුට සහභාගී විය හැකියි.

කොරෝනා නොවන අවමංගල්‍ය උත්සව සඳහා ඕනෑම වේලාවක සිටිය හැක්කේ පුද්ගලයින් 20 දෙනෙකු පමණක් වන අතර මළ සිරුර මුදා හැරීමෙන් අනතුරුව පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතු වනවා.

කෙසේ වෙතත් ප්‍රදර්ශණ, සම්මේලන, ගෘහස්ත සහ එළි මහන් උත්සව, සාද, එක් රැස්වීම් මෙන්ම නිවෙස් තුළ පැවැත්වෙන සුළු සාද සඳහාද තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත වන අතර 50%ක ධාරිතාවකින් පෙර පාසල් මෙන්ම වෘත්තීය පුහුණු ආයතනද විවෘත කර පවත්වාගෙන යා හැකියි.

විභාග සහ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආරම්භ කළ හැකි අතර, උපකාරක පන්ති පැවැත්වීමට තවදුරටත් අවසර නැහැ.

කෙසේ වෙතත් සිනමා ශාලා සියයට 25ක ආසන ධාරිතාවයකින් යුක්තව විවෘත කිරීමට අවසර ලබා දී ඇති අතර, එය ක්‍රියාත්මක වන්නේ ලබන 21 වැනි දා සිටයි.

ව්‍යායාම ශාලා 30%ක ධාරිතාවකින් විවෘත කල හැකි අතර සිටිය හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 10ක්.

තෝරාගත් ක්‍රීඩා කිහිපයකට පමණක් අවසර ලබා දී තිබුණද නරඹන්නන් ඇතුළ්ත කර ගැනීමට අවසර නැහැ.

මෙලෙස අවසර ලබා දී ඇති අදාළ ක්‍රීඩා පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.පන්සල් , පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නොමැති අතර විශේෂ උත්සවවලදී ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?