මංගල උත්සව සදහා තවමත් සීමා

අද සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා සීමා කිරීම්වලට යටත්ව අවසර පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

විවාහ මංගල උත්සව පැවැත්වීමේදී ශාලා තුලට ඇතුලත් කර ගත හැක්කේ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාවෙන් 25%ක ධාරිතාවයකට පමණයි.

එහි උපරිමය පුද්ගලයින් 50කට සීමා වනවා.

එසේම එළි මහන් මංගල උත්සව සඳහා පුද්ගලයින් 75 දෙනෙකුට සහභාගී විය හැකියි.

කොරෝනා නොවන අවමංගල්‍ය උත්සව සඳහා ඕනෑම වේලාවක සිටිය හැක්කේ පුද්ගලයින් 20 දෙනෙකු පමණක් වන අතර මළ සිරුර මුදා හැරීමෙන් අනතුරුව පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතු වනවා.

කෙසේ වෙතත් ප්‍රදර්ශණ, සම්මේලන, ගෘහස්ත සහ එළි මහන් උත්සව, සාද, එක් රැස්වීම් මෙන්ම නිවෙස් තුළ පැවැත්වෙන සුළු සාද සඳහාද තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත වන අතර 50%ක ධාරිතාවකින් පෙර පාසල් මෙන්ම වෘත්තීය පුහුණු ආයතනද විවෘත කර පවත්වාගෙන යා හැකියි.

විභාග සහ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආරම්භ කළ හැකි අතර, උපකාරක පන්ති පැවැත්වීමට තවදුරටත් අවසර නැහැ.

කෙසේ වෙතත් සිනමා ශාලා සියයට 25ක ආසන ධාරිතාවයකින් යුක්තව විවෘත කිරීමට අවසර ලබා දී ඇති අතර, එය ක්‍රියාත්මක වන්නේ ලබන 21 වැනි දා සිටයි.

ව්‍යායාම ශාලා 30%ක ධාරිතාවකින් විවෘත කල හැකි අතර සිටිය හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 10ක්.

තෝරාගත් ක්‍රීඩා කිහිපයකට පමණක් අවසර ලබා දී තිබුණද නරඹන්නන් ඇතුළ්ත කර ගැනීමට අවසර නැහැ.

මෙලෙස අවසර ලබා දී ඇති අදාළ ක්‍රීඩා පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.පන්සල් , පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නොමැති අතර විශේෂ උත්සවවලදී ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55