බොරැල්ල පුද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරමේ තවත් අයෙක් ගුවන්තොටේ දී අල්ලයි

දිළිඳු පවුල්වල පුද්ගලයි රවටා බොරැල්ල පෞද්ගලික රෝහලක සිදුකරගෙන ගිය වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් වන අතර, ඔහු කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (09) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු වයස අවුරුදු 32ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි ජංගම දුරකථන අමතර උපාංග අලෙවිකරන අයෙක් බව සඳහන්.

මොහු රෝහලේ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් දිළිඳු පුද්ගලයින් රවටා මුදල් ලබාදෙන ලෙස පවසමින් වකුගඩු ලබා ගැනීමේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඩුබායි වෙත යාමට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනුණු මොහු අද (10) අලුත්කඩේ අංක 02 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?