බොරැල්ල පුද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරමේ තවත් අයෙක් ගුවන්තොටේ දී අල්ලයි

දිළිඳු පවුල්වල පුද්ගලයි රවටා බොරැල්ල පෞද්ගලික රෝහලක සිදුකරගෙන ගිය වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් වන අතර, ඔහු කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (09) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු වයස අවුරුදු 32ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි ජංගම දුරකථන අමතර උපාංග අලෙවිකරන අයෙක් බව සඳහන්.

මොහු රෝහලේ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් දිළිඳු පුද්ගලයින් රවටා මුදල් ලබාදෙන ලෙස පවසමින් වකුගඩු ලබා ගැනීමේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඩුබායි වෙත යාමට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනුණු මොහු අද (10) අලුත්කඩේ අංක 02 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42