බීමත් රියදුරන්ට ඇප නැතිවෙයි

බීමත්ව රිය පැදවීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලබන රියදුරන්ට පොලිස් ඇප ලබා නොදී අධිකරණ හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

බීමත් රියදුරන්ට ඇප ලබා නොදී අධිකරණ හමුවේ නඩු පවරන ලෙස රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු පොලිස් මූලාස්ථානාධිපතිවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරුන් කැඳවා වාචිකව මෙම උපදෙස් ලබා දී ඇතැයි සඳහන්.

බීමත් රියදුරන් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ක්‍රම දෙකක් යටතේ ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනවා.

අනතුරුව පොලිස් ඇප මත එම රියදුරන් නිදහස් කිරීමට පොලිස් මූලාස්ථානාධිපතිවරුන්ට සහ ස්ථානාධිපතිවරුන්ට මෙතෙක් අවසර ලබා දී තිබුණා.

එමෙන්ම, අදාළ වාහනය වෙනත් පුද්ගලයෙකුට නිදහස් කිරීමට ද පොලිසියට හැකියාව පැවතුණා.

බීමත්ව රිය පැදවීම නතර කිරීමට සහ අනතුරු අවම කිරීම සඳහා මෙලෙස අත්අඩංගුවට පත්වන රියදුරන් පොලිස් ඇප ලබා නොදී අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමටයි රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?