බීමත් රියදුරන්ට ඇප නැතිවෙයි

බීමත්ව රිය පැදවීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලබන රියදුරන්ට පොලිස් ඇප ලබා නොදී අධිකරණ හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

බීමත් රියදුරන්ට ඇප ලබා නොදී අධිකරණ හමුවේ නඩු පවරන ලෙස රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු පොලිස් මූලාස්ථානාධිපතිවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරුන් කැඳවා වාචිකව මෙම උපදෙස් ලබා දී ඇතැයි සඳහන්.

බීමත් රියදුරන් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ක්‍රම දෙකක් යටතේ ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනවා.

අනතුරුව පොලිස් ඇප මත එම රියදුරන් නිදහස් කිරීමට පොලිස් මූලාස්ථානාධිපතිවරුන්ට සහ ස්ථානාධිපතිවරුන්ට මෙතෙක් අවසර ලබා දී තිබුණා.

එමෙන්ම, අදාළ වාහනය වෙනත් පුද්ගලයෙකුට නිදහස් කිරීමට ද පොලිසියට හැකියාව පැවතුණා.

බීමත්ව රිය පැදවීම නතර කිරීමට සහ අනතුරු අවම කිරීම සඳහා මෙලෙස අත්අඩංගුවට පත්වන රියදුරන් පොලිස් ඇප ලබා නොදී අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමටයි රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැදිගමට ගිය නාමල්ව මිනිස්සු වට කරගයි - "නාමල් මහත්තයට ජයවේවා..! අපේ ගමටත් ආවනේද සර්"
00:57
Video thumbnail
ආශු මාරසිංහ හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි - 225ස් දෙනා පරිස්සම් වෙලා ඉන්න
03:09
Video thumbnail
යන හැම තැනම කියන්නේ ආකර්ෂණීයම ජනපති අපේක්ෂකයා නාමල් කියලා - ඉතා පරිණත විදියට කතා කරන්නේ
02:32
Video thumbnail
හිටපු ඇමති බන්දුලගේ නිවසට ඩෙංගු බලන්න ආ PHI නිලධාරින් - මේ උණ බටවල වතුර පිරිලා..බිත්තර ඇති ?
05:56
Video thumbnail
ආණ්ඩුව බලයට පත්වීම අපිට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් - පෙරලන්න හේතු කියන පොහොට්ටුවේ සංජීව
23:22
Video thumbnail
නාමල් ගම්මු ඉදිරියේ ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි"නඩුත් දාලා හිරෙත් දාන තැනට ඇවිත්"
13:45
Video thumbnail
එල්නීනෝ ලානීනා බලපෑම් සම්බන්ධ සාකච්ඡා ගම් නියම්ගම් කරා ද ගෙන යා යුතුයි
03:18
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26