spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බීඩි කොළ කිලෝ 2223ක් නාවික හමුදා භාරයට

පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ 2223ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයට අයත් තම්බපන්නි නෞකාව විසින් ඊයේ (12) රාත්‍රී කාලයේ පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම බීඩි කොළ තොගය සොයාගෙන ඇත්තේ.

එම වෙරළ ප්‍රදේශයේ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන පාර්සල් 70ක අසුරන ලද බීඩි කොළ කිලෝ 2223යි ග්‍රෑම් සියයක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භරයට ගෙන තිබෙනවා. ‍එමෙන්ම, මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන යතුරු පැදියක් ද එහිදී නාවික හමුදා භාරයට ගැනුණා.

නාවික හමුදා භාරයට ගත් යතුරු පැදිය නොරොච්චෝල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?