බීඩි කොළ කිලෝ 2223ක් නාවික හමුදා භාරයට

පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ 2223ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයට අයත් තම්බපන්නි නෞකාව විසින් ඊයේ (12) රාත්‍රී කාලයේ පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම බීඩි කොළ තොගය සොයාගෙන ඇත්තේ.

එම වෙරළ ප්‍රදේශයේ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන පාර්සල් 70ක අසුරන ලද බීඩි කොළ කිලෝ 2223යි ග්‍රෑම් සියයක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භරයට ගෙන තිබෙනවා. ‍එමෙන්ම, මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන යතුරු පැදියක් ද එහිදී නාවික හමුදා භාරයට ගැනුණා.

නාවික හමුදා භාරයට ගත් යතුරු පැදිය නොරොච්චෝල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14