12 හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබිනියක් කළ සැකකරුවෙකු රත්ගම පොලිසිය විසින් අද (30) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ දැරියට උදරයේ කැක්කුමක් ඇතිවී තිබීම හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබාගැනීම සදහා කරාපිටිය රෝහලට ගිය අවස්ථාවේ දී ඇය ගැබිනියක් බවට තහවුරු වී තිබෙනවා.
රෝහලේ දී එය හඳුනා ගන්නා අවස්ථාවේ දීත් ඇය ගැබ්ගෙන මාස තුනක් කාලයක් ගතව අවසන් බවටයි තොරතුරු වාර්තා වුණේ.
පසුගිය නොවැම්බර් මාසයේ දිනක සැකකරු දැරියගේ නිවසට පැමිණ ඇයව බියවද්දා නිවස තුළදීම මෙම අපරාධය සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
පසුව එය කිසිවෙකුටත් නොපවසන ලෙස සැකකරු විසින් දැරිය බියගන්වා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.














OKATA DENA DANDUWAMA GODAK AYA DANNAWA. NAMUTH EKA DENNA BAHE DAN MEKA POLICIYA USAVIYA LAMA ARAKSHAKA ADHIKARIYA BALAWAYAS PUNARUTHTHAPANAYA MANAWA HIMIKAM BANDHANAGARAYA SAHA ROHALA HAMUWE THIYENA PRASHNAYAK NISA