බාලවයස්කාර දැරියක් ගැබිනියක් කළ පුද්ගලයෙක් රත්ගම දී අත්අඩංගුවට

12 හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබිනියක් කළ සැකකරුවෙකු රත්ගම පොලිසිය විසින් අද (30) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ දැරියට උදරයේ කැක්කුමක් ඇතිවී තිබීම හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබාගැනීම සදහා කරාපිටිය රෝහලට ගිය අවස්ථාවේ දී ඇය ගැබිනියක් බවට තහවුරු වී තිබෙනවා.

රෝහලේ දී එය හඳුනා ගන්නා අවස්ථාවේ දීත් ඇය ගැබ්ගෙන මාස තුනක් කාලයක් ගතව අවසන් බවටයි තොරතුරු වාර්තා වුණේ.

පසුගිය නොවැම්බර් මාසයේ දිනක සැකකරු දැරියගේ නිවසට පැමිණ ඇයව බියවද්දා නිවස තුළදීම මෙම අපරාධය සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

පසුව එය කිසිවෙකුටත් නොපවසන ලෙස සැකකරු විසින් දැරිය බියගන්වා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32