spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බාලවයස්කාර දැරියක් ගැබිනියක් කළ පුද්ගලයෙක් රත්ගම දී අත්අඩංගුවට

12 හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබිනියක් කළ සැකකරුවෙකු රත්ගම පොලිසිය විසින් අද (30) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ දැරියට උදරයේ කැක්කුමක් ඇතිවී තිබීම හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබාගැනීම සදහා කරාපිටිය රෝහලට ගිය අවස්ථාවේ දී ඇය ගැබිනියක් බවට තහවුරු වී තිබෙනවා.

රෝහලේ දී එය හඳුනා ගන්නා අවස්ථාවේ දීත් ඇය ගැබ්ගෙන මාස තුනක් කාලයක් ගතව අවසන් බවටයි තොරතුරු වාර්තා වුණේ.

පසුගිය නොවැම්බර් මාසයේ දිනක සැකකරු දැරියගේ නිවසට පැමිණ ඇයව බියවද්දා නිවස තුළදීම මෙම අපරාධය සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

පසුව එය කිසිවෙකුටත් නොපවසන ලෙස සැකකරු විසින් දැරිය බියගන්වා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?