බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සම්මාන උළෙලකට ලාංකික මහාචාර්යවරයෙක්

බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයින් ගේ සංගමය විසින් පවත්වනු ලබන ‘ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙල’ සඳහා ලැයිස්තුගත කර ඇති අවසන් නාම යෝජනා අතරට මහාචාර්ය චන්දිම ජීවන්දරගේ නම ද ඇතුලත් වී තිබෙනවා.

පර්යේෂණ අංශයේ හොඳම තරුණ විද්‍යාඥයින්ගේ කාණ්ඩය යටතේ අවසන් තරගකරුවන් 06 දෙනා අතරට පත්ව ඇත්තේ මහාචාර්ය චන්දිම ජීවන්දරයි.

එම අංශය සඳහා නම් කර ඇති අවසන් තරගකරුවන් 06 දෙනා ගෙන් 05 දෙනෙකුම බ්‍රිතාන්‍යය විශ්වවිද්‍යාල නියෝජනය කරනු ලබන විද්‍යාඥයින් වන අතර ලාංකික විද්‍යාඥයෙකු ඒ අතරට ඇතුලත්වීම සුවිශේෂී කරුණක්.

මහාචාර්ය චන්දිම ජීවන්දර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාද්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන විද්‍යාඥයින් ඇගයීම උදෙසා පවත්වනු ලබන මෙම සම්මාන උළෙල ලොව පිළිගත් වෛද්‍ය සම්මාන උළෙලක් වන අතර ඒ සඳහා මෙවර කාණ්ඩ 06ක් යටතේ සම්මාන ලැබීම සඳහා අවසන් තරගකරුවන් 32 දෙනෙකු නම් කර සිටිනවා.

මෙම සම්මාන උළෙල අප්‍රේල් මස 20 වෙනිදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?